නිදන්ගත වකුගඩු රෝගය

නිදන්ගත වකුගඩු රෝගය (CKD) සෑම විටම වැළැක්විය නොහැකිය, නමුත් තත්වය ඇති වීමට ඇති හැකියාව අඩු කිරීමට පියවර ගත හැක.

ආශ්‍රිත රෝග තත්ත්ව කළමනාකරණය කරගැනීම

වකුගඩු රෝගයට බලපෑ හැකි, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි දීර්ඝ කාලීන රෝග ඔබට ඇත්නම්, ඒවා ප්‍රවේශමෙන් කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් වේ.

දුම්පානය නතර කරන්න

දුම්බීම, හර්දයාබාධ හෝ ආඝාතය වැනි හදවත් රෝග ඇතිවීමේ අවධානම වැඩි කරන අතර මෙම රෝග තත්ත්ව වකුගඩු රෝගය සමඟ අනුබද්ධ වේ. දුම්බීම නතර කිරීම මගින් ඔබගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කර ගැනීමට හැකි වීම සහ මෙවැනි බරපතල තත්වයන් සඳහා ඇති අවධානම අඩු කර ගත හැකිය.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්

සමබර ආහාර වේලක් ලබා ගැනීමෙන් ඔබේ රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම නිරෝගී මට්ටමකින් තබා ගැනීමෙන් වකුගඩු රෝගය ඇතිවීමේ අවධානම අඩු කළ හැකිය. සමබර ආහාර වේලක පහත දේවල් ඇතුලත් විය යුතුය:

  • පළතුරු සහ එළවළු ඕනෑ තරම් - අවම වශයෙන් දිනකට කොටස් පහක් ඉලක්ක කර ගන්න
  • පිෂ්ඨමය ආහාර මත පදනම් වූ ආහාර, අර්තාපල්, පාන්, බත් හෝ පැස්ටා වැනි
  • සමහර කිරි හෝ කිරි විකල්පයන්
  • සමහරක් බෝංචි හෝ ධාන්‍ය, මාළු, බිත්තර, මස් සහ ප්‍රෝටීන් වල වල අනෙකුත් ප්‍රභවයන්
  • අඩු මට්ටම් සංතෘප්ත මේදය, ලුණු සහ සීනි

ඔබගේ ආහාර වේලෙහි ලුණු ප්‍රමාණය 6g (0.2oz) ට වඩා වැඩි නොවෙන සේ සීමා කළ යුතුය. අධික ලුණු ඔබගේ රුධිර පීඩනය වැඩි කළ හැකිය.

මතපැන් පානය අඩු කරන්න

අධික මත්පැන් භාවිතය ඔබගේ රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම, ඔබගේ සෞඛ්‍ය අහිතකර මට්ටමට වැඩි කරයි. හොදම ක්‍රමය වනුයේ නිර්දේශිත ප්‍රමාණයට පමණක් මත්පැන් භාවිතය මගින් අවධානම අවම කර ගැනීමයි:

  • සතියකට ඒකක 14 කට වඩා වැඩි ප්රමාණයක් නිතිපතා මත් පැන් පානය නොකරන ලෙස පිරිමි සහ ගැහැණු දෙපාර්ශ්වයටම අවවාද කරනු ලැබේ
  • සතියකට දින තුනක් හෝ ඊටත් වඩා මත්පැන් බොන්නේ නම් සතියකට ඒකක 14ට එය සීමා කරන්න

මත්පැන් එකක 14 ක්, සාමාන්‍ය ශක්තියෙන් යුතු බියර් පයින්ට් 6 කට හෝ අඩු ශක්තියෙන් යුතු වයින් කුඩා වීදුරු 10 කට සමාන වේ.

නිතිපතා ව්‍යායාම් කරන්න

නිතිපතා ව්‍යායාම කිරීම මගින් ඔබගේ රුධිර පීඩනය අඩු කිරීමට සහ වකුගඩු රෝගය වර්ධනය කිරීමේ අවධානම අවම කර ගත හැකිය. අවම වශයෙන් විනාඩි 150 (2 පැය සහ විනාඩි 30) මධ්යස්ථ-තීව්රතාවයකින් ස්වායු ක්‍රියාකාරකම්, සෑම සතියකම පාපැදි හෝ වේගවත් ඇවිදීම වැනි දේ නිර්දේශ කරනු ලැබේ.

වේදනා නාශක වලින් ප්‍රවේශම් වන්න

ඇස්පිරින් (Aspirin) සහ, අයිබියුප්රොෆෙන් (Ibuprofen) වැනි ස්ටෙරොයිඩ් නොවන ප්‍රතිප්‍රධාහ ඖෂධ (NSAIDS) වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම හෝ නිර්දේශිත ප්‍රමාණයට වඩා වැඩි කාලයක් ලබා ගැනීම වකුගඩු රෝග ඇතිවීමට හේතුවක් වේ. ඔබට වේදනා නාශක ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබ ඖෂධ සමඟ එන උපදෙස් අනුගමනය කරන්න.